Computer Basic & Windows
පාඨමාලාව පිළිබඳව
මෙම පාඨමාලාව තුලදී, පරිගණකය යන්න කුමක්ද, ඉන් කරගත හැකි කාර්යයන්, පරිගණයෙහි ඇති කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම, ආදී මූලුක හඳුන්වාදීමේ සිට Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරගනිමින් පරිගණකය හැසිරවීම දක්වා සියලූම කරුණු මුල සිට අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබාදී ඇත.
එපමණක් නොව, Windows මෙහෙයුම් පද්ධතියෙහි ඇති මූලික කරුණු වල සිට එනම්, පරිගණක තිරයෙහි අපට මුලින්ම දැකගත හැකි දේවල් පිළිබඳව හන්දුන්වාදීමේ සිට එහි වන සංකීර්ණ කටයුතු එනම්, Start මෙනුවෙහි ඇති උපාංග භාවිතය, Control panel තුල ඇති උපාංග භාවිතය, විවිධ පරිගණක වැඩසටහන් සහ මෘදුකාංග භාවිතය, CD, DVD, Flash drive සමඟ කටයුතු කිරීම්, CD සහ DVD තැටිගත කිරීම්, මුද්‍රන කටයුතු, ආදී සියලූම කරුණු මෙමගින් අධ්‍යනය කිරීමේ හැකියාව පවතී.
ඔබ පරිගණකයට බෙහෙවින්ම ආදුනික අයෙක් වුවත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව තනිවම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර මෙහිදී, පරිගණක භාවිතය පිළිබඳව සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, වීඩියෝ මාධ්‍යයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි පරිගණක භාවිතයෙහි ප්රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
* පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් පරිගණක ආශ්රිත ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.
පාඨමාලාව කා සඳහාද ?
- පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට.
- කාර්යාල සේවයෙහි නියුතු ඔබට.
- පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට.
- පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.
- එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට.
Overview
This is an ideal learning tool especially who novices for computers. You can learn everything from basic such as what is the computer, what is Hardware, what is Software, etc.. by using 3D animated video lesions, up to the windows Operating System. and how to operate your personal computers, how to manage your PCs as well as the solutions for cases of troubleshooting by covering the whole options in Windows operating systems.
Course Features
- Lectures 61
- Quizzes 0
- Duration 4 hours
- Skill level All levels
- Language Sinhala | සිංහල මාධ්‍ය
- Students 0
- Certificate No
- Assessments Yes
-
Basic Computer Introduction
-
Windows Basic
-
Turn off and Log off computer
-
Working with files and folders
-
Using My Computer options
-
Working with external storage
-
Working with Windows Programs
-
Working with control panel options
-
CD writing & Printing