1 ශ්‍රේණිය මව්බස | Grade 1 Sinhala Language
මව්බස යනු පුද්ගලයකුගේ ජීවිතයේ මූලික අඩිතාලම සපයන ප්‍රමුඛතම මාධ්‍යය යි. මව්බස නිසි ලෙසනොදන්නේ නම් එය පුද්ගල ජීවිතයක සාර්ථකත්වය අරභයා විවිධ ප්‍රශ්න ඇති කරයි. එහෙයින් සමස්තමානව ක්‍රියාවලිය ම උදෙසා ‘මව්බස’ නිසි ලෙස දැන සිටීම ඉතාමත් වැදගත් වේ.මව්බස විෂයයක් ලෙස ඉගෙනීම පාසලේ පළමුවන ශ්‍රේණියේ සිට ම ආරම්භ වෙයි. එය සමස්තඅධ්යාපන ක්‍රියාවලිය උදෙසා ම වැදගත් වෙයි.සිය ̈ විෂයයන් හැදෑරීමේ පදනම වන්නේ, මව්බස පිළිබඳව සිසුවා ලබන පරිචය යි. භාෂා දැනුමින්වියුක්ත ව අන් කිසිදු විෂයයක් පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීම උගහට ය.එමෙන්ම පුද්ගල චින්තනයෙහිලා තාර්කික බව, නිර්මාණශීලීත්වය උදෙසා මව්බස නිසිලෙසඉගෙනීම වැදගත් වේ. අනාගත තරගකාරී සමාජ ජීවිතයේ නොසැලෙන සහ නිවැරදි චින්තනයක් සහිතපුද්ගලයන් බිහිකිරීම උදෙසා මව්බස නිවැරදිව දැනසිටීම හා මව්බස විෂයයේ හරය අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙයි.මේ නිසා පාසල් විෂයමාලාවේ දී මව්බස විෂයයට ඉතාමත් වැදගත් තැනක් හිමි වෙයි. සවන්දීම,කතා කිරීම, කියවීම, ලිවීම යන චතුර්විධ ක්ෂේත්‍ර අරභයා මව්බස විෂයය ව්‍යාප්ත වෙයි. මෙම චතුර්විධක්ෂේත්ර සමෝධානිත ව ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී යොදා ගැනෙයි.මව්බස ගුරු මාර්ගෝපදේශයෙහි සැලසුම්ගත සෙල්ලම්, විනෝදජනක වැඩ, ක්‍රියාකාරකම් මගින් පළමුශ්රේණියේ සිසුන්ට නිර්මාණශීලී සහ තර්කානුකූල ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ඇත. එමෙන් මසාහිත්යය මගින් සිසුන්ගේ මනස රසඥතාවයෙන් සුපෝෂණය කරලීමත්, ඉගෙනුම් අවස්ථා ලබා දීමත් සිදුකර ඇත. එමෙන් ම,
- ප්‍රියමනාප හා රුචිකත්වයක් සහිත විෂයයක් ලෙස මව්බස විෂයය කෙරෙහි ආකල්ප ඇති කරගැනීම
- නිවැරදි අවබෝධයකින් යුතු ව භාෂාව හැසිරවීම
- ආත්ම විශ්වාසයකින් යුතු ව අදහස් හා සිය මතය ප්‍රකාශ කිරීම
- මූලික භාෂාමය හරය අවබෝධ කර ගැනීම
- නිර්මාණශීලී චින්තනයකට මග විවර කිරීම
- තාර්කික චින්තනය තුළින් විෂය ප්‍රවීණතාවට සුදුසුකම් ලැබීම
- කාල්පනික චින්තනය තුළින් සාහිත්‍යමය වටපිටාවක් ඇති කර ගැනීම
- දෛනික සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මව්බස නිවැරදි ව භාවිත කිරීම
- අනෙකුත් විෂයයන් ඉගෙනීම සඳහා මව්බස විෂයය උපයෝගී කර ගැනීම
- තවදුරටත් මව්බස විෂයයක් ලෙස ඉගෙනීම සඳහා අවශ්‍ය පදනම ලබා ගැනීමයන අවස්ථාවලින් මව් භාෂාවක ප්‍රායෝගික වටිනාකම ද සඵත කෙරෙනු ඇත.
ඒ අනුව මව්බස විෂයයේ පදනම නිවැරදි ව හා නිරවුල් ව ලබා දීම මගින් පුද්ගලයකුගේ අනාගත පෞද්ගලික, සමාජ හා වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරලීමට හැකි වනු ඇත.
Course Features
- Lectures 5
- Quizzes 0
- Duration 185 Days | දින 185
- Skill level Primary | ප්‍රාථමික
- Language Sinhala | සිංහල මාධ්‍ය
- Students 0
- Certificate No
- Assessments Yes
-
පළමුවන වාරය
-
දෙවන වාරය
-
තුන්වන වාරය