1 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකරකම් | Grade 1 Environmental related activities
“පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්” නමින් හැඳින්වෙන මෙම ඉගෙනුම් ක්ෂේත්රය මිනිසා සහ මිනිස්ප්රජාව කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කළා වූ හෝ කරන්නා වූ හෝ භෞතික, සමාජයීය සහජෛව පද්ධතීන් පිළිබඳ ව හා ඒවා පදනම් කර ගෙන සිදු විය යුතු ඉගෙනුම් ක්රියාවලියකටයොමු කරන්නකි.
ළදරු වියේ සිට ම ස්වභාවයෙන් ම මිනිසා සිය වටාපිටාව කෙරෙහි කුතුහලයකින් පසු වන අතරඅනුක්රමයෙන් එම වටාපිටාව සමඟ සාර්ථක ව අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය නිපුණතා ළඟා කර ගැනීමටඋත්සාහ දරයි. මෙම ක්‍රියාවලියේ දී සිය සංවේදී ඉන්ද්රියයන් ප්‍රයෝජනයට ගන්නා අතර ම ඒවායේ සංවේදීබවත්, වර්ගීකරණය හා තර්කනය වැනි බුද්ධිමය හැකියාවනුත් වර්ධනය කර ගනියි. එසේ ම ඒ ඔස්සේ සියවාග්මාලාව සහ සන්නිවේදන කුසලතා ද වර්ධනය කර ගනියි. තමා ජීවත් වන වටාපිටාව පිළිබඳ වතොරතුරු සොයා බැලීම, රැස් කිරීම හා නැවත ප්‍රකාශ කිරීම දරුවාගේ ජීවිත ක්‍රියාවලියේ ම අංගයකි. මෙය නිරායාසයෙන් ම ඕනෑම ජීවියකු තුළ සිදු වන්නකි. දරුවාගේ එම නැඹුරුව වර්ධනය කිරීම පරිසරය ආශ්රිතක්රියාකාරකම් ගොඩ නැඟීමේ පදනම විය.
එදිනෙදා ජීවිතයේ දී හමුවන අභියෝගවලට සාර්ථක ව මුහුණ දිය හැකි හා රටේ සංවර්ධන ක්රියාවලියටදායක විය හැකි සමබර පෞරුෂයකින් හෙබි පුද්ගලයකු තුළ සාක්ෂරතාව, ගණිත දැනුම සහ ආගම පිළිබඳනිපුණතාවලට අමතර ව තවත් ක්ෂේත්‍ර කිහිපයකට අයත් නිපුණතා වර්ධනය විය යුතු ය.
Course Features
- Lectures 0
- Quizzes 0
- Duration 185 Days | දින 185
- Skill level Primary | ප්‍රාථමික
- Language Sinhala | සිංහල මාධ්‍ය
- Students 0
- Certificate No
- Assessments Yes
-
පළමුවන වාරය
-
දෙවන වාරය
-
තුන්වන වාරය