1 ශ්‍රේණිය ගණිතය | Grade 1 Mathematics
ගණිත දැනුම හා කුසලතා ජීවිතයේ එදිනෙදා කටයුතු හා සම්බන්ධ විවිධ අවස්ථාවල දී නිතර භාවිතකිරීමට සිදුවේ. එම නිසා ගණිත සංකල්ප හා මූලධර්ම පිළිබඳ මනා අවබෝධයක් සහ ගණිත කර්ම පිළිබඳකුසලතාවක් තිබීම වත්මන් සමාජයේ ජීවත් වීම සඳහා පුද්ගලයකුට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.ගණනය කිරීම, මැනීම, සංඛ්‍යාමය තොරතුරු සංවිධානය හා විශ්ලේෂණය කිරීම, නිමානය, ගැටළු වලටවිසඳුම් සෙවීම, තර්කානුකූලව සිතීමට හුරු වීම සහ තීරණවලට එළඹීම එබඳු අවස්ථාවලට නිදසුන් කිහිපයක්වේ. මේ නිසා පාසල් විෂයමාලාවේ ගණිතය විෂයයට ඉතා වැදගත් තැනක් හිමි වේ.
දැන්වීම්, පුවත්පත්, ගුවන් විදුලි හා රූපවාහිනී වැනි සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සංඛ්‍යා, වගු සහප්රස්තාර මගින් ඉදිරිපත් වන තොරතුරු නිසි අයුරින් අවබෝධ කර ගැනීමට හැකි වීම සඳහා ද ගණිතනිපුණතා වර්ධනය වී තිබීම අවශ්‍ය වේ.
මනාව ව්‍යූහගත කරන ලද හා සැලකිලිමත්ව මග පෙන්වනු ලබන සැලසුම් සහගත, විනෝදජනකහා ප්‍රායෝගික වැඩ ආශ්‍රිතව ශිෂ්‍යයන්ට ඉගෙනීමට සලස්වන අයුරින් ප්‍රමාණවත් ක්‍රියාකාරකම් යොදාගනිමින් ඉගෙනුම්-ඉගැන්වීම් ක්රියාවලියෙහි නිරත වීම නව විෂය නිර්දේශ මගින් ගුරුවරුන්ගෙන් අපේක්ෂාකෙරේ.
ඍජුවම ගණිත ක්ෂේත්රයට අදාළ විවිධ වෘත්තීන්හි නියැලීම සඳහා මූලික අඩිතාලම දැමීම මෙන්මවෙනත් විවිධ වෘත්තීන්හි දී සහ එදිනෙදා අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය වන ගණිත කුසලතා ලබාදීම ප්‍රාථමික අවධියේ දී බලාපොරොත්තු වේ.
1 – 5 ශ්‍රේණි සඳහා ගණිතය විෂය අරමුණු
- ප්‍රියජනක හා ළැදි විෂයයක් ලෙස ගණිතය විෂය කෙරෙහි සුබවාදී ආකල්ප ඇති කර ගැනීම.
- නිර්මාණශීලි හා බුද්ධි ප්රබෝධක අවස්ථා මගින් වින්දනයක් ලැබීම.
- එදිනෙදා කාර්යවලට අවශ්‍ය දළ අගයන්, නිමානයන් හා නිරවද්‍ය මිනුම් ලබා ගැනීමට සමත් වීම.
- ගණිත සංකල්ප, මූල ධර්ම හා ගණිත කර්ම භාවිත කර එදිනෙදා ජීවිතයේ හමුවන ගැටළු විසඳීම.
- සන්නිවේදනයේ දී වාචික, ලිඛිත හා රූපික ක්‍රම භාවිතය පිළිබඳ කුසලතා වර්ධනය කර ගැනීම.
- මනෝමයෙන් සරල ගැටළු විසඳීමේ කුසලතා ලැබීම.
- ද්විමාන හැඩතල හා ත්‍රිමාන වස්තු පිළිබඳව ද ඒවායේ ගුණ පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම.
- ස්වාධීන නම්ය මනසකින් හා ආත්ම විශ්වාසයෙන් යුතුව පැහැදිලි ලෙස හා තර්කානුකූලව සිතීමේහැකියාව වර්ධනය කර ගැනීම.
- ගණිතය විෂය ඉගෙනුම මගින් ලබන දැනුම, කුසලතා හා ආකල්ප වෙනත් විෂයයන් ඉගෙනීමට උපයෝගීකර ගැනීම.
- තවදුරටත් ගණිතය ඉගෙනීම සඳහා අවශ්‍ය පදනම ලැබීම.
Course Features
- Lectures 0
- Quizzes 0
- Duration 185 Days | දින 185
- Skill level Primary | ප්‍රාථමික
- Language Sinhala | සිංහල මාධ්‍ය
- Students 0
- Certificate No
- Assessments Yes
-
පළමුවන වාරය
-
දෙවන වාරය
-
තුන්වන වාරය