Login

Register

Login

Register

Preaload Image

Design ලොවේ රජෙකු වන්න

Adobe Illustrator

පාසල වෙතින් ඔබ වෙත ගෙන එන Adobe Illustrator පාඨමාලාව සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු.

මෙම පාඨමාලාව හැදෑරීමට ඔබ පහත පියවර අනුගමනය කරන්න.

1. පාසල.lk වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වන්න.
2. පාසල.lk වෙබ් අඩවියට ලොග් වන්න.
3. අදාල මුදල ගෙවා පාඨමාලාවට එකතු වන්න.
4. පාඨමාලාව පැවැත්වෙන දින වලදී වෙබ් අඩවියේ පාඨමාලාව හැදෑරීමට ඇති ‘පාඨමාලාව අධ්‍යයනය සඳහා පිවිසෙන්න’ බොත්තම එබීමෙන් ඔබට පාඨමාලාව සමඟ සජීවීව සම්බන්ද විය හැක.

අලුත් අවුරුද්දේ මිල රු.3490 පමණි

පාඨමාලා කාලය මාසයයි

Zoom හරහා පැවැත්වේ

පාඨමාලාව පුණරීක්ෂණය කිරීමේ හැකියාව*

මගහැරුණු කොටස් නැවත බැලීමේ හැකියාව*

DVD ලබා ගැනීමේ හැකියාව*

වැඩි විස්තර: 0777 38 10 47

1. නොමිලේ ලියාපදිංචි වීම

නොමිලේ ලියාපදිංචි වීම සඳහා ලබා දී ඇති ලියාපදිංචි වීමේ පෝරමය පුරවන්න.

2. ලොග් වීම

ලියාපදිංචි වූ පසු එම විස්තර භාවිතා කරමින් වෙබ් අඩවියට ලොග් වන්න. ඒ ලබා දී ඇති ලොග් වීමේ පෝරමය භාවිතා කල හැක.

3. Online පාඨමාලාව ඇණවුම් කිරීම

Online පාඨමාලාව ඇණවුම් කිරීම සඳහා ඔබට ලබා දී ඇති ‘පාඨමාලාව ඇණවුම් කිරීම‘ යන බොත්තම ඔබන්න. එවිට ඔබව පාඨමාලා පි‍ටුව වෙත ‍රැගෙන යනු ඇත.

පාඨමාලා පි‍ටුවෙ ඇති ‘BUY THIS COURSE’ බොත්තම මත ක්ලික් කරන්න.

ඉන් අනතුරුව ඔබට ගෙවීම් සිදු කරනා ක්‍රමවේදය ‍තෝරන්න. ඔබට පහත ආකාර වලින් කැමති ආකාරයක් ‍තෝරා ගත හැක.

  • පළමු ආකාරය:  ඔබ ගෙවීම් සිදු කරන්නට බලා පොරොත්තු වන්නේ ණය පතක්, online banking, Visa කාඩ්පත, සම්පත් බැංකුවේ විශ්ව සේවාව හරහා, Genie, Ez Cash හෝ Frimi යන ආකාර වලින් එක් ආකාරයක් හරහා නම් දී ඇති පි‍ටුවේ පළමුව ඇති Pay Here යන ආකාරය ‍තෝරන්න.
  • දෙවන ආකාරය: ඔබ ගෙවීම අපගේ බැංකුව වෙත සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දී ඇති පි‍ටුවේ දෙවනුව ඇති ‘බැංකුව වෙත කරනා තැන්පතු Direct Bank Transfer ‘ ‍තෝරන්න.

ඔබ ගෙවීම් සිදු කරනා ආකාරය ‍තෝරා ගත් පසු ‘PLACE ORDER‘ යන බොත්තම මත ක්ලික් කරන්න.

ඔබ ගෙවීම් සඳහා පළමු ආකාරය ‍තෝරා ගත්තේ නම් ඔබට ඉන් පසු පහත පරිදි තිරය දිස් වනු ඇත. එයින් ඔබ ගෙවීම සිදු කිරීමට සූදානම් ආකාරය ‍තෝරා ගෙන ස්වයංක්‍රීයව ගෙවීම සිදු කල හැක. මෙය ස්වයංක්‍රීයව සිදු වන කාරයයක් නිසා ඔබේ ගෙවීම සනාත වීමද ස්වයංක්‍රීයව සිදු වේ. ගෙවීම ස්වයංක්‍රීයව සනාත වූ පසු ඔබට පාඨමාලව විවෘත වනු ඇත.

ඔබ ගෙවීම සඳහා දෙවන ආකාරය තොරා ගත්තේ නම් ඔබට අපගේ බැංකු විස්තර දිස් වේ. ඔබට ඔනෑම සම්පත් බැංකු ශාඛාවක් හෝ ඔනෑම කාගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක් හරහා ගෙවීම් සිදු කල හැක. ඔබ ගෙවීම සිදු කල පසු රිසිට් පතේ ඡායා පිටපතක් අපගේ වස්ට් ඇප් (Whatsapp) අංකය වන 0777381047 ට ලැබීමට සලස්වන්න. එහිදී ඔබගේ ජාතික හැඳුනුම් පත් අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ. එවිට අප කාර්ය මණ්ඩලය විසින් ඔබගේ ගෙවීම තහවුරු කල පසු ඔබට පාඨමාලාව විවෘත වනු ඇත.

4. ඇතුළත් වීමේ අංකය ලබා ගැනීම

ඔබගේ ගෙවීම තහවුරු වූ පසු අප විසින් ඔබට ඇතුළත් වීමේ අංකය ලබා දේ. ඔබ zoom හරහා පාඨමාලාවට පිවිසීමෙ දී ඔබගේ නාමය ලෙස මෙම ඇතුළත් වීමේ අංකය භාවිතා කල යුතුය.

5. Online පාඨමාලාවට එකතු වීම

ඔබගේ ගෙවීම තහවුරු වීමෙන් අනතුරුව ඔබට පාඨමාලාවේ අන්තර්ගතය විවෘත වේ.

එවිට පාසල මුල් පි‍ටුවේ ඇති ‘පාඨමාලාව අධ්‍යයනය සඳහා පිවිසෙන්න‘ ලෙස දී ඇති බොත්තම මත ක්ලික් කරන්න.

2020 ජනවාරි මාසයේ 11 වන දින සවස 7 ට මෙම පාඨමාලාව ආරම්භ වේ. එදින පාඨමාලාවට පිවිසීම සඳහා අවශ්‍ය zoom link එක ඔබට දිස් වේ. එය මත ක්ලික් කිරීමෙන් ඔබට ස්වයංක්‍රීයව පාඨමාලාව සමඟ එකතු විය හැක.

ඉන් ඉදිරි දින වලදී ද පාඨමාලාව පැවැත්වෙන් වේලාවන්ට අදාල zoom link ඔබට වෙබ් අඩවිය හරහාම ලැබේ. එම ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් අදාල දින වල දී ද ඔබට පහසුවෙන් පාඨමාලාවට සම්බන්ද විය හැක.

ඇතුළත් වීමේ අංකය භාවිතය

ඔබ zoom හරහා පාඨමාලාවට පිවිසීමේ දී එහි නම ලෙසට අප විසින් ඔබට ලබා දෙන ඇතුළත් වීමේ අංකය භාවිතා කරන්න.

6. Whatsapp සමූහයට එකතු වීම

ඔබ මුදල් ගෙවූ පසු පාඨමාලා පි‍ටුවේ Whatsapp Group කොටසේ දී ඇති link එක මත ක්ලික් කිරීමෙන් ඔබට මෙම පාඨමාලාවට අදාල Whatsapp සමූහයට එකතු විය හැක.

1. නොමිලේ ලියාපදිංචි වීමට පහත පෝරමය පුරවන්න.


2. ලොග් වීමට පහත පෝරමය පුරවන්න.


පාඨමාලාව පිළිබඳව

ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්‍රැෆික් මෘදුකාංගයක් වන Adobe Illustrator භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්‍රයොජනවත් වේ.

මෙම පාඨමාලාව මඟින් Adobe Illustrator තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතා කරන ආකාරය ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ ඔස්සේ, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර Adobe Illustrator භාවිතා කරගනිමින් ,

  • Drawing සහ Illustrations
  • Vector art
  • Digital art
  • Logo design
  • Web graphic, UI design
  • Icon design මෙන්ම,
  • Broaches
  • Leaflets
  • Product labels
  • Business cards
  • Paper ads

වැනි විවිධ වූ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය, එම නිර්මාණ මුද්‍රනය සඳහා සකස්කරගන්නා ආකාරය වන තෙක් සියලුම විධික්‍රමයන් නියම තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි.

Adobe Illustrator භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයෙහි ප්‍රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද ?

  • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

ඔබ වෙත මෙම පාඨමාලාව ගෙන එන්නේ පාසල.lk වෙබ් අඩවිය සහ එහි අනුබද්ධ සමාගම් එකතුවෙනි. ඔබ විසින් ස්වයංක්‍රීය ක්‍රමවේද ඔස්සේ සිදු කරනා ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත ‘Pay Here’ ආයතනයේ මැදිහත් වීමෙන් සම්පත් බැංකුව හරහා සිදු කෙරෙනා අතර ඔබගේ බැංකු ගිණුම් කාඩ්පත් පිළිබඳ සියළු ආරක්ෂාව ‘Pay Here’ ආයතනය විසින් තහවුරු කෙරේ. මේ පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අප ආයතනයෙන් හෝ ‘Pay Here’ ආයතනයෙන් ලබා ගත හැක. Pay Here – 011 300 9975

සිංහල | தமிழ் »
error: Content is protected by Pasala.lk !!