Login

Register

Login

Register

Preaload Image

2020 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සැරසෙන ඔබට ඉතිහාසය විෂයට සාර්ථකව මුහුණ දීමට සහ එයින් A සාමාර්ථයක් ලබා ගැනීමට මෙම පාඩම් මාලාව සකසා ඇත.

මෙම පාඩම් මාලාව සෑම සෙනසුරාදාවකම සවස 7 ට සජීවීව පාසල.lk වෙබ් අඩවියෙන් විකාශනය වේ. එසේම එලෙස විකාශනය වන පාඩම් පාසල.lk වෙබ් අඩවියේ පටිගත කර තබා ඇති බැවින් සජීවී පාඩමට සහභාගී නොවුන ද පටිගත කිරීම් නැරබීමට අවස්ථාව ඇත. එම නිසා සජීවීව සම්බන්ද වීම අත්‍යවශ්‍ය නොවේ. ඔබට පහසු ඕනෑම වේලාවක පාසල වෙබ් අඩවියට පිවිස අධ්‍යයනය සිදු කල හැක.

ඔබට තනිවම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මෙම පාඩමට එකතු වීමේ හැකියාව ඇතිනම් පහත උපදෙස් අනුව ලියාපදිංචි වන්න. එසේ හැකියාව නොමැතිනම් අපගේ දුරකථන අංකය 0777 38 10 47 අමතා සහාය ඉල්ලා සිටින්න.

මෙම පාඩම් මාලාවට එකතු වීම පියවර තුනකින් සිදු වේ. ඒවා පහත පරිදි වේ. එම එක් එක් පියවර පහතින් විස්තර කර ඇත.

        1. වෙබ් අඩවියේ ලියාපදිංචි වීම
        2. වෙබ් අඩවියට ලොග් වීම
        3. පාඩම් මාලාව මිලදී ගැනීම

වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සඳහා උපදෙස්:

මෙම පාඩම් අධ්‍යනය සඳහා ඔබ පළමුව පාසල.lk වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා ඔබ පහත දක්වා ඇති විස්තර පුරවා ‘Register‘ ලෙස පෙන්වා ඇති බොත්තම ඔබන්න.

වෙබ් අඩවියට ලොග් වීම සඳහා උපදෙස්:

වෙබ් අඩවියේ ලියාපදිංචි වූ පසු ඔබ වෙබ් අඩවියට ලොග් විය යුතුය. ඒ සඳහා,

ඔබ භාවිතා කරන්නේ පරිගණකයක් නම්, ඔබට පාසල වෙබ් අඩවියේ ඉහළ දකුණු පස ඇති LOGIN යන වචනය උඩ ක්ලික් කරන්න. එවිට ඔබට දිස් වෙන පෝර්මයේ ඔබේ ඊ මේල් ලිපිනය සහ ලියාපදිංචියේ දී ලබා දුන් මුර පදය ඇතුළත් කිරීමෙන් පාසල වෙබ් අඩවියට ලොග් විය හැක.

ඔබ භාවිතා කරන්නේ ස්මාර්ට් දුරකථනයක් නම්, වෙබ් අඩවියේ ඉහළින් පෙන්වන ඉරි තුන මත ක්ලික් කරන්න. එවිට දිස් වෙන මෙනුවේ ඇති Login වචනය මත ක්ලික් කිරීමෙන් පාසල වෙබ් අඩවියට ලොග් විය හැක.

පාඩම් මාලාව මිලදී ගැනීම සඳහා උපදෙස්:

පාසල වෙබ් අඩවියට ලොග් වූ පසු ඔබ පළමුව මෙම පාඩම් මාලාව මිල දී ගත යුතු වේ. ඒ සඳහා ඔබ ප්‍රථමයෙන් වෙබ් අඩවියේ ඇති ‘පාඩම් සඳහා මෙතනින් ඇතුල්වන්න‘ මත ක්ලික් කරන්න. ඉන් අනතුරුව ඔබට දිස්වෙන වෙබ් පිටුවේ ඇති ‘BUY THIS COURSE‘ යන බොත්තම මත ක්ලික් කරන්න.එවිට ඔබට රුපියල් 490 ක මුදලට අදාලව රිසිට් පතක් දිස් වනු ඇත. එහි පහළින් ඔබට ගෙවීම් සිදු කල හැකි ආකාර දිස්වේ.

ඔබට ගෙවීම් ක්‍රම කීපයක් අතරින් පහසු ක්‍රමයකට ගෙවීම සිදු කල හැක.

ඔබේ ගෙවීම් , eZ Cash, ණය පත් (Credit card) හෝ සම්පත් බැංකු හරහා ස්වයංක්‍රීයව සිදු කල හැක.

එසේ නොමැති නම් ඔබගේ ගෙවීම ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට හෝ කාගීල්ස් ෆුඩ් සිටි ශාඛාවකට සිදු කල හැක.

මේ අතරින් ඔබ ගෙවීම සිදු කිරීමට කැමති ආකාරය තෝරාගන්න. ඔබ ස්වයංක්‍රීය ක්‍රමවෙදයක් තෝරාගත්තේ නම් ඉන් අනතුරුව ඔබව ඊට අදාල විස්තර ලබා ගැනීමේ පිටුව වෙත යොමු කරනු ඇත. ඔබෙන් ඉල්ලා සිටිනා විස්තර ලබා දීමට කාරුණික වන්න.

ඔබ සම්පත් බැංකුවට හෝ කාගීල්ස් ෆුඩ් සිටි වෙත ගෙවීම් සිදු කිරීමට තෝරා ගතහොත් ඔබට එම ගෙවීම් සිදු කල යුතු ගිණුම් අංක දිස් වනු ඇත. එම ගිණුම් අංකයට ඔබේ ගෙවීම් සිදු කර ඔබට ලැබෙන රිසිට් පතේ ඡායා රූපයක් අපගේ වට්ස් ඇප් අංකය වන 0777381047 වෙත යොමු කරන්න.

ලියාපදිංචි වීම සඳහා ඔබ පහත දක්වා ඇති විස්තර පුරවා ‘Register‘ ලෙස පෙන්වා ඇති බොත්තම ඔබන්න.


error: Content is protected by Pasala.lk !!
  • Sign up
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.